◐ Shell
reader mode source ↗
Jump to content
විකිපීඩියා වෙතින්
නළුවා

කිසියම් නාට්‍යයක පෙළ, එසේත් නැත්නම් නාට්‍යමය ජවනිකා ප්‍රේක්‍ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ නළුවා විසිනි. පුරාණ ග්‍රීසියේ නළුවා යන්නට භාවිතා කරන ලද්දේ හිපොක්‍රිටස් යන්නයි. එහි ආර්ථය ‘අර්ථය පහදා දීම’ යන්නයි. එසේ නම් නළුවා කිසියම් නාට්‍යයක අන්තර්ගත වන චරිතයක අර්ථය පහදා දෙන්නාය. ඉංග්‍රීසි භාෂාවෙන් නළුවා යන්නට භාවිතා වන්නේ ‘‘ඇක්ටර්’’ යන පදයයි. එය ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයටම භාවිතා වන පොදු වචනයකි. නමුත් බොහෝ අවස්ථාවල නිළියන් සඳහා ‘‘ඇක්ට්‍රස්’’ යන වචනයද භාවිතා කෙරෙයි. වේදිකා නාට්‍ය වල රඟන නළුවන් බොහෝවිට හඳුන්වන්නේ ‘ප්ලේයර්’ යන නාමයෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=නළුවා&oldid=748398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි